විදෙස්

මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් 48 දෙනෙකු මරුට

(UTV|ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානයේ පර්වන් පළාතේ සහ කාබුල් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 48 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පර්වන් පළාතේ මැතිවරන රැළියකට පළමු බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර ඇෆ්ගනිස්ථාන ජනපති අශ්රෆ් ඝානි රැළිය ඇමතීමට නියමිතව තිබුණු බවද සඳහන් වනවා.එම ස්ථානයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 22 කි.

කාබුල් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අනෙක් පිපිරීම සිදුව ඇති අතර එයින් 22 ක් මියගොස් තිබේ.

තලේබාන් සංවිධානය ප්‍රහාරයන්හි වගකීම බාරගෙන ඇති අතර මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන් සාම සාකච්ඡා පවත්වන අතරතුර බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි.

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 28 දින පැවැත්වීමට නියමිතව ඇති නමුත් ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩනොදෙන බව තලේබාන් සංවිධානය පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍යයේ නව වෛරස් ප්‍රභේදය මාරාන්තිකයි – බ්‍රිතාන්‍ය අගමැති

Mohamed Dilsad

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

අනියම් සබඳතාවලට පැවති නීතිමය බාධා ඉවතට

Mohamed Dilsad

Leave a Comment