ප්‍රමුඛ පුවත 1

බැටික්ලෝ කැම්පස් ආයතනයේ ගිණුම් ගැන හිස්බුල්ලාට චෝදනා [VIDEO]

(UTV| කොළඹ) – හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා තම අභිමතය පරිදි බැටික්ලෝ කැම්පස් ආයතනයේ ගිණුම් ආරම්භ කිරීමට ලංකා බැංකුවට බලපෑම් කර ඇති බව අනාවරණය විය.

ඒ ඊයේපොදු ව්‍යාපාර කාරක සභාව රැස්වූ අවස්ථාවේදී.

බැටිකලෝ කැම්පස් ආයතනය සහ හිරා පදනමේ හිමිකරුවන් ලෙස පෙනි සිටි එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා වෙත එම කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණ ද ඔවුන් ඊයේ දිනයේ එහි පෙනී නොසිටි බවට වාර්තා වුණි.

එම කාරක සභාව හමුවේ ඒ පිළිබද ප්‍රකාශ ලබාදීම සදහා ලංකා බැංකු නිළධාරින් මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරින් පෙනී සිටියේය.

අදාළ ආයතන  විවිධ නම් වලින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් පිළිබඳ කාරක සභා සභාපති සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා සහ කෝප් කමිටු සාමාජික සුජිව සේනසිංහ කැබිනට් නොවන අමාත්‍යවරයා ද ප්‍රශ්න කර සිටි අතර ඊට ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි කේ.බී.එස් බණ්ඩාර මහතා සහ එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනි  දයාජනී පීරිස් පිළිතුරු ලබා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව පුරා කොරෝනා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 81,000 ඉක්මවයි

Mohamed Dilsad

රයන් වැන්රෝයන් 02 වනදා තෙක් රිමාන්ඩ් භාරයට.

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පිරිස 35,000 ක් ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment