ප්‍රමුඛ පුවත 1

හේමසිරි ප්‍රනාන්දුට සහ පූජිත් ජයසුන්දරට එරෙහි පෙත්සම යළි සලකා බැලේ [video]

(UTV| කොළඹ) –  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද(03) යළි සලකා බැලුණි.

මෙම විනිසුරු මඩුල්ලේ සභාපතිත්වය දරන්නේ අඟවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසිනි.

එසේම බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ,  ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් අදාළ විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින්වේ.

මෙම ප‍්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න, සංචාරක කර්මාන්තයේ නියැළි ව්‍යාපාරික ජනත් විදානගේ , ශ්‍රී ලංකා නීතීඥ සංගමය, හෙන්රි මේරියන් අශෝක් ස්ටීවන් , සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප‍්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්ලා , නාගානන්ද කොඩිතුවක්කු , ජූඞ් පෙරේරා , නිමල් කුමාරසිරි ඇතුළු පුරවැසියන් පිරිසක්ද , පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමි සහ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීම් වලින් තුවාල ලැබූ නීතිඥවරයෙකු වන මුදිත ඒකනායක මහතා ඇතුළු පිරිසක්  විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්  වල වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලාල් දිසානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටින අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිඥ  විරාන් කොරයා මහතා පෙනී සිටියි.

මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා පෙනී සිටි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

මස්කෙළිය රෝහලේ ගින්නක්

Mohamed Dilsad

වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අනාවැකි

Mohamed Dilsad

Leave a Comment