ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකික පවුල පිටුවහල් කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ නගර රැසක විරෝධතා [video]

(UTV| කොළඹ) – ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලාංකික පවුලක් යළි මෙරටට පිටුවහල් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ඕස්ට්‍රේලියාවේ නගර රැසක විරෝධතා පවත්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඊයේ දින එම විරෝධතා සඳහා දහස් ගණනක පිරිසක් සහභාගි වී සිටි බවයි.

මෙලෙස පිටුවහල් කෙරුනේ නඬේෂලිංගම් සහ ප්‍රියා නමැති යුවළක්. ඔවුන්ට තාරුණිකා සහ කෝපිකා ලෙස දියණියන් දෙදෙනෙකුද වේ.

ඔවුන් පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙල්බර්න් නුවරින් පිටුවහල් කෙරුණේ ඔවුන්ට රැකවරණ ලබාදීම ඕස්ට්‍රේලියානු සංක්‍රමණික බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

පසුවඔවුන් සම්බන්ධයෙන් එරට අධිකරණය ලබාදුන් නියෝගය නිසා ඔවුන් පිටුවහල් කළ ගුවන් යානය මෙල්බර්න් නුවරට කිලෝමීටර් 3000ක් ඈතින් පිහිටි ඕස්ටේ්‍රලියාවේ ඩාවින් වෙත ගොඩ බස්වා තිබේ.

මෙලෙස ගුවනේදී ලැබුණු අධිකරණ නියෝගය නිසා නැවත ඕස්ට්‍රේලියාවට ගොඩ බැස්සවූ ශ්‍රී ලාංකික සංක්‍රමණික යුවල සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ක්‍රිස්මස් දිවයිනේ කඳවුර වෙත යැවීමට කටයුතු කළ බව විදෙස් වාර්තා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය වර්ජනය පසු දුම්රිය ධාවනය යලි යථා තත්වයට

Mohamed Dilsad

ශ්‍රී.ල.පො.පෙ නව දේශපාලන සන්ධානයකට ගිවිසුමකට අත්සන් තැබීම අද

Mohamed Dilsad

නව වසරේ කැබිනට්ටුව රැස්වීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment