ප්‍රමුඛ පුවත 1

ICC සභාපති ශෂාන්ක් මනෝහර් ජනපති හමුවෙයි

 

(UTV | කොළඹ) –  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහර් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුවිය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ක්‍රීඩාව දේශපාලන මැදිහත්වීම් හා බලපෑම්වලින් තොරව ඉදිරියට ගෙන යාමේ වැදගත්කමද අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ නර්තන කණ්ඩායම්වල ශිල්පීන්ගේ දක්ෂතා අගය කරමින් ඇගයීම් සහතිකද මෙහිදී පිළිගන්වනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ඉන්ධන මිල යලිත් පහළට

Mohamed Dilsad

මන්නාරමේ දරුවන්ට ඇමති රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් පාසැල් උපකරණ

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරණයට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment