ප්‍රමුඛ පුවත 1

මන්නාරමේ දරුවන්ට ඇමති රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් පාසැල් උපකරණ

(UTV|මන්නාරම) – මන්නාරම ප්‍රදේශයේ පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂුවැන්ග් මැතිතුමාගේ (Cheng Xueyuan) ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඒ ඊයේ(06) මන්නාරම තරාපුරම් අල්මීනා විද්‍යාලයේ දීය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා චීන තානාපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම පාසල් උපකරණ තොගය බෙදා දීම සිදු කෙරෙණ.

මෙහිදී අඩුආදායම් පවුල්වල පාසල් සිසුදරුවන් දහසකට ආසන්න පිරිසකට පාසල් බෑග්, පාවහන්, පොත් පත් ඇතුළු උපකරණ රැසක් පිරිනැමිණි.

මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් සී.ඒ. මොහාන් රාස්, චීන තානාපති කාර්යාල නිලධාරීන්, ඇතුළු මහත්ම මහත්මීන්, පාසල් දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලීසියේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

දුම්රිය තාක්ෂණ නිලධාරින් අකුරට වැඩ

Mohamed Dilsad

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරයි

Mohamed Dilsad

Leave a Comment