ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජය පොහොට්ටුවට

(UTV | කොළඹ) – ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය හිමි කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව විය. 

ඒ අනුව නිල ප්‍රතිඵල ලේඛනයට අනුව ඡන්ද කොට්ඨාස 17 ම ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණට හැකියාව ලැබී ඇති අතර, එම පක්ෂය ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව විසිතුන් දහස් තුන්සිය හැත්ත දෙකයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගත් සභික ධුර සංඛ්‍යාව 17ක්.

එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව දහ දහස් එකසිය දහතුනක් වන අතර , ඒ අනුව එම පක්ෂයට හිමිවන සභික ධුර සංඛ්‍යාව 07ක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද පන්දහස් දෙසීය හැත්ත තුනක් හිමිකරගෙන ඇති අතර, එම පක්ෂය ලබාගත් සභික ධුර සංඛ්‍යාව 03ක්.

මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේදී හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව දෙදහස් හාරසිය තිස් පහක් වන අතර , ලබාගත් සභික ධුර සංඛ්‍යාව 02ක්.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී 75 % ක ප්‍රතිශතයක් සිට ඡන්දය භාවිත කර තිබූ බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

මැතිවරණ නිරීක්ෂකයින්ට අනුව කිසිදු මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සහ කලහකාරී සිදුවීම් මෙහිදී වාර්තා නොවීම විශේෂත්වයක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඵල සනාථ කිරීම Online ක්‍රමයට

Mohamed Dilsad

පිළියන්දල පොලිතීන් කර්මාන්ත ශාලා 5ක් වටලයි

Mohamed Dilsad

දේශීය ව්‍යවසායකයන් සඳහා ණය ලබාගැනීමට වැඩපිළිවෙලක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment