ප්‍රමුඛ පුවත 1

මරණ දඬුවම ගැන අද අධිකරණය පාර්ලිමේන්තුවට කල දැනුම් දීම

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබූ පෙත්සම් 3 ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ බව අද නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාද පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඊට සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් තුනක් ගොනුකර තිබුණි.

යම් කෙටුම්පතක් පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවතින අනුකූලතාවය ගැන මතයක් ප්‍රකාශ කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

සවස් කාලයේදි වැසි

Mohamed Dilsad

ඥානසාර හිමියන්ට ඇප

Mohamed Dilsad

Leave a Comment