ප්‍රමුඛ පුවත 1

ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක නම් කිරීම අද

(UTV| කොළඹ) –  එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනා තම අපේක්ෂකයා අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද කොළඹ , ගාලූමුවදොර පිටියේදී පැවැත්වෙන “ජාතික ජනබලවේගය” ජන රැළියේදී  බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

තම පක්‍ෂයේ නායකත්වයෙන් තවත් සංවිධාන 28 ක් එක්ව ඉදිරි ජනාධිපතිවරණය සඳහා එම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මෙලෙස ජනාධිපතිවරණයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ වසර 20 කට පසුව බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

මීට පෙර වමේ පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇත්තේ වසර 1999දීය.

එහිදී එම අපේක්‍ෂකයා තෙවන ස්ථානයට පත්වීමට සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශකවරයා නාවික හමුදාධිපති හමුවෙයි

Mohamed Dilsad

යුද්දයෙන් අතුරුදහන් වූවන් සොයා දෙන්නැයි ඉල්ලූ වව්නියාවේ සත්‍යග්‍රහයට දින 100යි: විරෝධතාකරුවන් ඇමරිකාවේ සහය ඉල්ලයි

Mohamed Dilsad

මාධ්‍යවේදින්ට සිදුවන හිරිහැර හා අසාධාරණ දැනුම් දෙන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment