විදෙස්

කිම් ජොං අන් තවදුරටත් සාම සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කරයි

(UTV| උතුරු කොරියාව) – උතුරු කොරියානු නායක කිම් ජොං අන් විසින් තවදුරටත් දකුණු කොරියාව සමඟ සාම සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ දකුණු කොරියාව සහ ඇමරිකාව අතර පැවැත්වෙන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට විරෝධය පළ කරමින් කිම් ජොං අන් මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම අද (16) අලූයම් කාලයේදී ද උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළෙන් මිසයිල දෙකක් අත්හදා බලනු ලැබුනු අතර එය මාසයක කාලයක් තුළ ඔවුන් සිදුකළ 6 වන මිසයිල අත්හදා බැලීම වෙයි.

මිට අමතරව, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් කියා සිටියේ වසර 2045 වන විට කොරියානු අර්ධද්වීපය එක්සේසත් වීමට කටයුතු කරන බවයි.

ඔහු මේ බව කියා සිටියේ ජපාන අධිරාජ්‍ය පාලනයෙන් නිදහස ලැබීම සලකුණු කරමින් ජාතිය ඇමතූ අවස්ථාවේදීය.

කොරියාව උතුරු සහ දකුණු ලෙස රාජ්‍යයන් දෙකකට වෙන්වූයේ දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා වැළදේ

Mohamed Dilsad

පෝලියෝ එන්නත්කරණය කිරීමට ගාසාහි සටන් විරාමයක්

Editor O

ගංවතුරින් නවසීලන්තයට බලපෑම්

Mohamed Dilsad

Leave a Comment