ප්‍රමුඛ පුවත 1

වවුනියාවේ ගැටුමක් පිරිසක් රෝහලේ

(UTV|වවුනියාව) – දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් තරුණ‍යින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

වවුනියාව,කුමරුමන්කාඩුව ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ මෙම ගැටුම හට ගෙන තිබේ.

බහින් බස්වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති අතර කඩු හා පිහි යොදා ගනිමින් මෙම පුද්ගලයින් ගැටුමට සම්බන්ධවි ඇත.

ගැටුමට සම්බන්ධ තරුණයින් හත් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

තුවාලකරුවන් දෙදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය තරමක් බරපතල බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන පිරිසක් වන බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම පිරිස අද (13) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගැටුම සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

නැගෙනහිර ජලාශ රැසක ජල මට්ටම ඉහලට

Mohamed Dilsad

පූජිත්ගේ සහ හේමසිරිගේ බැංකු ගිණුම් තොරතුරු ලබා දීමට නියෝග කරයි

Mohamed Dilsad

කොළඹ රථ වාහන තදබදය අඩු කිරීමට පොලීසිය මහජනතාවගෙන් සහය පතයි

Mohamed Dilsad

Leave a Comment