ප්‍රමුඛ පුවත 1

පාසැල් නිවාඩුවට උඩරට සංචාරය සඳහා විශේෂ දුම්රිය

(UTV| කොළඹ) – අගෝස්තු පාසල් නිවාඩුවට උඩරට සංචාරය කිරීමට තවත් විශේෂ දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

විශේෂයෙන් පාසල් නිවාඩු සමයේ උඩරට සංචාරය සඳහා දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දුම්රියට විශේෂ ඉල්ලුමක් පවතී.ඒ නිසාම විශාල මගී තදබදයක් ඇතිවේ.

ඒ පිළිබඳවසැලකිල්ලට ගනිමින් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා අගෝස්තු 06 දින සිට S-12 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටලයක් ධාවනය කෙරේ.

අගෝස්තු 06 දින පෙරවරු 07.05ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර එම දුම්රිය පසුදින පෙරවරු 07.30 ට බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වේ.

මෙම විශේෂ දුම්රිය ඉහල පහල ගමන් ගන්නේ ඉරට්ටේ දිනවල බදුල්ලටත්, ඔත්තේ දිනවල කොළඹටත්ය.

එමෙන්ම මේ දුම්රිය රාගම-ගම්පහ-වේයන්ගොඩ-මීරිගම-පොල්ගහවෙල-රඹුක්කන-ඉහළකෝට්ටේ-කඩුගන්නාව-පේරාදෙණිය-මහනුවර-ගම්පොළ-නාවලපිටිය-හැටන්-තලවකැලේ යන දුම්රිය ස්ථානවල නවත්වන අතර හැටන් සිට බදුල්ල දක්වා ප්‍රධාන දුම්රිය ස්ථානවල පමණක් නවත්වනු ලැබේ.

මෙම විශේෂ දුම්රියට අමතරව කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා පෙරවරු 05.55 ධාවනය වන දුම්රියත්, පෙරවරු 08.30ට ධාවනය වන දුම්රියත් පෙරවරු 09.45ට ධාවනය වන දුම්රියත් පස්වරු 08.00 ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියත් එලෙසම ධාවනය වේ.

එමෙන්ම බදුල්ලේ සිට පෙරවරු 05.45 ට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියත් පෙරවරු 08.30 ට ධාවනය වන දුම්රියත් පෙරවරු 10.00 ට ධාවනය මන දුම්රියත් පස්වරු 05.50 ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන තැපැල් දුම්රියත් වෙනසකින් තොරව එලෙසම  ධාවනය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රය දින නියමයක් නොමැතිව වැසෙයි

Mohamed Dilsad

පස් වන ණය වාරිකය දෙන්න IMF නිලධාරීන් සාකච්ඡා කරයි

Mohamed Dilsad

රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment