ප්‍රමුඛ පුවත 1

අධිකරණ තීන්දුවක් නැත්නම් පළාත් සභා මැතිවරණය ලබන වසරේ

 

UTV | කොළඹ –  එළඹෙන අගෝස්තු 15 වනදාට පෙර අධිකරණ නියෝගයක් නොලැබෙන්නේ නම් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

ඔක්තෝම්බර් 15 වනදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් මාස දෙකක කාලයක් අවශ්‍ය වන බව දැනටමත් දැනුම්දී ඇති බවත් , ඒ අනුව අගෝස්තු 15 වනදාට පෙර ඒ සඳහා නියෝගයක් අවශ්‍ය වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එසේ නොවුවහොත් ජනාධිපතිවරණය සඳහා බලපෑමක් ඇතිවන බැවින් පළාත් සභා මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට සිදුවනු ඇත.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සැප්තැම්බර් 20 සහ ඔක්තෝම්බර් 15 යන අතර කාලය තුළ මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

වෛද්‍ය ශාෆි ෂියාබ්දීන්ගේ පෙත්සම ලබන මස සළකා බැලීමට නියෝග

Mohamed Dilsad

අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරයි

Mohamed Dilsad

සියලු තැපැල් කාර්යාල අද වසා තබයි

Mohamed Dilsad

Leave a Comment