ප්‍රමුඛ පුවත 1

විදුහල්පති තනතුරු සඳහා අයඳුම්පත් කැඳවයි

(UTV| කොළඹ) – පුරප්පාඩු සහිත ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා වු අයඳුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අගෝස්තු මස 21 වනදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

සුදුසුකම්ලත් ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ නිළධාරීන්ගෙන් ඒ සඳහා යොමුකර හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්. එම්. එම් රත්නායක මහතා සදහන් කළේය.

ඔහු පවසන්නේ ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ තුන්වන පන්තියට  තවත් නිළධාරීන් 1918 දෙනෙකු බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණද මේ වනවිට ක්‍රියාත්මක වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඌරුබොක්කේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

ලේක්හවුස්හි කටයුතු විධිමත් කරන්න ජනපති කමිටුවක්

Mohamed Dilsad

මරණ දඬුවම දීම ප්‍රමාද කරන බලධාරීන් ගැන ජනපති පරීක්ෂණයක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment