ප්‍රමුඛ පුවත 1

සබීතා පෙරේරාට ජනාධිපති කොමිසම වෙත (UPDATE)

(UTV| කොළඹ) – රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත අද පස්වරු 3.30 ට පමණ සාක්ෂි ලබාදීම සදහා පැමිණි බව අප වාර්තාකරු පැවසුවේ.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

 

—————————————————————————————————————————————-

සබීතා පෙරේරාට ජනාධිපති කොමිසම වෙත පැමිණීමට වෙනත් දිනයක්

 

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත අද (01) පෙරවරුවේ පැමිණීමට නියමිතව සිටි රංගන ශිල්පිනී සබීතා පෙරේරා ඊට වෙනත් දිනයක් ඉල්ලා තිබේ.

පෞද්ගලික හේතුවක් මත තමන්ට අද දිනයේ ජනාධිපති කොමිසම වෙත පැමිණිය නොහැකි බැවින් ඇයට මේ මස 05 වනදා කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා අදාළ කැදවීම සිදුකර ඇත්තෙ.

මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද මෙම කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබාදුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම සුව ඇමති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

රුපියල් තුන්කෝටි දස ලක්ෂයක භාණ්ඩ විනාශ කෙරේ

Mohamed Dilsad

හය වන ණය වාරිකය නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment