ප්‍රමුඛ පුවත 1

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහන් අද සිට

(උදයම්,කොළඹ)   – එළඹෙන උත්සවය සමය වෙනුවෙන් අද සිට අතිරේක පොලිස් නිළධාරින් යොදවා ඇති බව පොලිසිය පවසයි.

විශේෂයෙන්  කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට මෙම පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු යොදා තිබේ.

මීට අමතරව සෙසු පළාත්වල ප්‍රධාන නගර සඳහා ද අතිරේක පොලිස් නිළධාරින් යෙදවීමට නියමිතය.

මෙම කාලය තුළ ජංගම මුර සංචාරක කටයුතු සිදු කර රථ වාහන වැරදිකරුවන් අත්අඩංගුවට ගැනිමට විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ.

මීට අමතරව මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වල ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුණු නිළධාරින් යෙදවීමට ද තීරණය කර ඇත.

Related posts

කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු විවෘතයි

Mohamed Dilsad

ගුරු සහ විදුහල්පති සංගම් 30 ක් ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සඳහා බ්‍රිතාන්‍ය ආරක්ෂක විද්වතුන් පිරිසක් ලංකාවට

Mohamed Dilsad

Leave a Comment