ප්‍රමුඛ පුවත 1

ග්‍රාම නිලධාරීන් සහ වනජීවී මාර්ගෝපදේශකයන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

(UTV| කොළඹ) – අද (01) දිනයේ සිට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාවට අදාල රාජකාරීවලින් ඉවත් වෙමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් එකමුතුව තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේ අදාල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ පළමු පියවර වශයෙන් ජාතික හැදුණුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සදහා වන කටයුතු වලින් අද සිට ඉවත් වන බවය.

එසේම , තමන්ගේ ඉල්ලීම් පිළිබඳව බලධාරින් අවාධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවත් සුමිත් කොඩිකාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මිට අමතරව, සමස්ත ලංකා වනජීවී මාර්ගෝපදේශකයන්ගේ වෘත්තිය සමිතියද අද සාමකාමි උද්ඝෝශණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ සේවය ස්ථීර කරන්නැයි ඉල්ලමින් .

ඉදිරි දින දෙක තුල ස්ථීර විසඳුමක් නොලදහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව එම සමිතියේ සභාපති ඩබ්ලිව් එම් චන්ද්‍රපාල මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිතුණු දේවස්ථාන තුළ යලි දේව මෙහෙයන් ලබන ඉරිදා සිට.

Mohamed Dilsad

අප්‍රේල් මස ඩෙංගු රෝගීන්ගේ අඩුවක්

Mohamed Dilsad

වනජීවි නිලධාරීන් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment