කලා

ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් සිනමා ක්ෂේත්‍රයට ?

(UTV| ඉන්දියාව) – බොලිවුඩයේ තරුව වන ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රවීන සිනමාකරු ගුණ‍සේකර්ගේ හිරන්යාකෂිපූ (Hiranyakashipu) නැමැති දෙමළ සිනමා පටය තුළින් ඔහු සිනමාවට පිවිසීමට අපේක්ෂාවෙන් සිටියි.

ඉදිරි මාස දෙක ඇතුළත එහි රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ආර්යන් වඩාත් කැමැත්තක් දක්වන්නේ නළුවකු වීමට නොව තිර රචකයකු සහ අධ්‍යක්‍ෂවරයකු වීමට බවත් වාර්තා වේ.

ඔහු පසුගිය කාලයේ ඇමෙරිකාවේ සිනමා පාසලක සිනමාව ගැන හදාරමින් සිටියේය.

සුහානා එනම් ශාරුක්ගේ දියණිය වරක් ෂාරුක් රඟපෑ චිත්‍රපටයක (Zero) සහාය අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැවත ආරම්භ වු මුත්තයියා මුරලිදරන්ගේ 800

Mohamed Dilsad

රජීව් කපූර් ජීවන ගමනට සමුදෙයි

Mohamed Dilsad

කොලොම්බියා රසායනාගාර සේවිකාවට ඇමෙරිකානු රූපරාජිනී කිරුළ

Mohamed Dilsad

Leave a Comment