ප්‍රමුඛ පුවත 1

රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු අද ඇරඹේ

(UTV| කොළඹ) – රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු අද (29) සිට යළි ආරම්භ කෙරන බව එහි පාලනාධීකාරීය නිවේදනය කර සිටියි.

එසේම එහි කළමණාකරන හා මූල්‍ය පීඨයේ අවසන් වසරේ අධ්‍යයන කටයුතු අද සිට (29) ක‍්‍රියාත්මක කෙ‍රෙන අතර එම පීඨයේ දෙවන වසරේ අධ්‍යයන කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙයි.

එහි පළමු හා තුන් වන වසරවල අධ්‍යයන කටයුතු යළි ඇරඹීම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම්දීමට නියමිත බවද එහි පාලනාධීකාරීය අවධාරණය කරයි.

රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ‍්‍රය පසුගියදා වසා දැමුණේ සිසුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය අතර ඇති වූ ගැටුම්කාරි තත්ත්වයක් මතය.

මේ අතර පසුගිය 19 වනදා වසා දැමුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ කටයුතුද අද (29) සිට ආරම්භ කළ බව එහි පාලනාධීකාරිය නිවේදනය කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමරදේව ශූරීන් අනුස්මරණය වෙනුවෙන් උදා ගම්මාන 25ක්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගි මාර්ගයට CCTV

Mohamed Dilsad

සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්..

Mohamed Dilsad

Leave a Comment