ප්‍රමුඛ පුවත 1

හලාවත අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙන් මුදල් සොරකම් කරයි

(UTV | කොළඹ) – හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ සේප්පුවක් විවෘත කර එහි මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

හලාවත පොලීසිය මඟින් මෙම විමර්ශනයක් ආරම්භ කර ඇත.

පසුගිය 5 වන දා හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය භාරව සිටි ලිපිකාරිනිය විසින් පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සේප්පුවේ ලියුම් කවරයක් විවෘත කර එහි තිබූ රුපියල් ලක්ෂ 2ක මුදලක් සහ ඩොලර් 2000ක් කිසියම් පුද්ගලයෙකු විසින් රැගෙන ගොස් ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

නමුත් එම අවස්ථාවේ  නඩු භාණ්ඩ කාමරයේ සේප්පුවේ යතුර ද තමා සතුව පැවති බවද ඇය සඳහන් කර ඇත.

එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්‍ෂණ පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට පාර්ලිමේන්තු රැස්වීම ගැන විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

දිවයිනේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

ඇමති අජිත් පී පෙරේරාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment