ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයින් 07 ක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාවක් මඟින් තලෙයිමන්නාරම ප්‍රදිපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධි ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදි මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට පත් ධීවරයින් වයස අවුරුදු 18, 22, 26, 30 සහ 36 වන වියෙහි පසුවන අය බවත් වාර්තා වෙයි.

අදාළ ධීවරයින් පිරිසත් සමග නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාව මඟින් උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිගෙන් නියෝගයක්

Mohamed Dilsad

ඉන්ධන මීල සංශෝධනයට කමීටුව රැස් වෙයි..

Mohamed Dilsad

මහත්මා ගාන්ධි චරිතය අධ්‍යයනය කර එහි ආදර්ශ කි‍්‍රයාවට නැංවීමට ජනපති ලෝක නායකයින්ට ආරාධනය කරයි

Mohamed Dilsad

Leave a Comment