ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී මහින්දානන්දට සහ සජින් වාස්ට රට යන්න අවසර

(උදයම්,කොළඹ) – අධිකරණ භාරයට ගෙන තිබු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් පන්කෝටි තිස් පන් ලක්ෂයක මුදලකින් ක්‍රීඩා උපකරණ ගෙන්වා ඒවා පාසල් අතර බෙදා නොදී දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවට මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වුණි.
මේ සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළව ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය, අධිකරණ භාරයට ගෙන තිබුණි.
අද එම නඩුව විභාග කෙරුණු අවස්ථාවේ මෙම නියෝගය ලබාදුන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසිනි.
ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ජුනි මස 30 වනදා දක්වා විදෙස්ගත වීමට අවසර හිමි විය.
මෙලෙස තාවකාලිකව මුදා හැරුනු විදෙස් ගමන් බලපත්‍රය ජුලි මස 3 වනදාට පෙර යළි අධිකරණයට ලබාදිය යුතු බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.
අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති මෙම නඩුව යළි ජුලි 13 වනදා යළි විභාගයට ගැනීමට නියමිතය.
මේ අතර හිටපු මන්ත්‍රීවරයකු වන  සජින් වාස් ගුණවර්ධන මහතාට ද ලබන අගෝස්තු මස 7 වනදා දක්වා විදේශගත වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නේය.

Related posts

දිවයින වටා මුහුදු තීරයේ ආරක්ෂාව තවදුරටත් තර කෙරේ

Mohamed Dilsad

ජනාධිපතිවරයා හෙට රුසියානු සංචාරය ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

මවට සහ දියණියට මරු කැදවූ වේයන්ගොඩ උද්‍යානය තහනම් කරයි.

Mohamed Dilsad

Leave a Comment