ප්‍රමුඛ පුවත 1

දිවයින වටා මුහුදු තීරයේ ආරක්ෂාව තවදුරටත් තර කෙරේ

(UTV| කොළඹ) – පසුගියදා මෙරටට සිට ඉන්දියාවට අයි.එස් සාමාජිකයින් මුහුදු මාර්ගයෙන් ගොස් ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසනවා.

කෙසේ වෙතත් දිවයින පුරා වෙරළ තීරවල ආරක්ෂාව සඳහා නාවික හමුදාව විශේෂ ආරක්ෂක වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

බේරුවල පොලිස් බල ප්‍රදේශය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ යුද හමුදාව, ගුවන් හමුදාව ඒකාබද්ධව ඊයේ සිදු කල සෝදිසි මෙහෙයුම් වලදී මෙහිදී නිවාස 630ක් සහ වාහන 54ක් පරික්ෂාවට ලක් කර ඇති බවයි.

මේ සඳහා පොලිස් නිල සුනඛයින්ද යොදවා තිබේ.

මෙහිදී ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිල ඇඳුමට සමාන නිල ඇඳුම් කිහිපයක්, තියුණු ආයුද සහ තවත් උපකරණ සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජලජ පැලෑටි පටක රෝපණ විද්‍යාගාරය විවෘතයි

Mohamed Dilsad

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නෑ

Mohamed Dilsad

නීති විරෝධි ලෙස ගෙන්වන ලද දුම්වැටි තොගයක් රේගුව භාරයට

Mohamed Dilsad

Leave a Comment