විදෙස්

සඳ මත පා තබා වසර පනහයි

(UTV|ඇමෙරිකාව) – මිනිසා සඳ තරණය කර අදට වසර 50ක් සපිරේ.

සඳ මත පා තැබීම අදටත් අප සිහි කරන්නේ එය මානව සංහතියේ විශිෂ්ඨතම ජයග්‍රහණයක් නිසය.

තවමත් අභ්‍යවකාශය ගැන මිනිසාට ඇත්තේ නොසිදෙන කුතුහලයකි.

මේ කුතුහලය නිසාම සියවස් ගණනාවක් ඒ සඳහා මිනිසාට උත්සහ කරන්න සිදු වු අතර එම සිහිනය සැබෑ කරගැනීමට ඇමෙරිකාව හැකි වුණේ වසර 1969 වසරේ ජූලි මස 20වැනිදාය.

නාසා ආයතනයේ  ඇපලෝ 11 යානය යොදා ගනිමින් කමාන්ඩර් නීල් ආම්ස්ට්‍රෝන්ග්, බස් ඕල්ඩ්‍රින් හා මයිකල් කොලින්ස් යන ගගනගාමීන් ගේ සහභාගීත්වයෙන් මෙම ජයග්‍රහණය ඇත කර ගත්තේය.

එදා ලොව පුරා මිලියන ගණනක් ජනතාව රූපවාහිනියෙන් එය සජීවීව නැරඹූ අතර මිනිසා ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස අදටත් අප එම අවස්ථාව සිහිපත් කරයි.

මිනිසා අවසන් වරට සඳ තරණය කළේ 1972 වසරේදී වන අතර ඉන් පසු සඳ මෙහෙයුම් අවසන් කිරීමට ඇමෙරිකාව තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තායිලන්ත මහ මැතිවරණය ලබන වසර මුල

Mohamed Dilsad

අවුරුදු 13 ට අඩු ළමයින්ටත් ‘Insta’

Mohamed Dilsad

න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment