ප්‍රමුඛ පුවත 1

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ

(UTV| කොළඹ) – මීටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ඓතිහාසික පුරාණ තොටගමුව රන්පත් විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මෙම මස 13 දින ආරම්භ වීමට නියමිත බැවින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර තිබේ.

පෙරහැර ගමන් කරන කාල සීමාව තුළ තෙල්වත්ත හන්දිය සිට සීනිගම දේවාලය දක්වා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඒ සඳහා විකල්ප මාර්ග ලෙස කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරන මීටියාගොඩ පොලිස් වසමේ කහව හන්දියෙන් වමට හරවා මීටියාගොඩ, කිරලගහවෙල, අලුත්වල, සරණ හන්දියෙන් දකුණට හැරී ගෝනාපීනුවල ඔස්සේ කුමාරකන්ද හන්දියට පැමිණ ගාල්ල දෙසට ගමන් කළ හැකි මාර්ගය භාවිතා කළ හැක.

ගාල්ල සිට කොළඹ දෙසට ගමන් කරනු ලබන වාහන ගාලු පාරේ එක් මං තීරුවක කොළඹ දෙසට ගමන් කළ හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක ජනගහන දිනය අදයි

Mohamed Dilsad

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම් 30 වැනිදා

Mohamed Dilsad

අක්මීමන පාසලකට බලහත්කාරයෙන් ඇතුලුවීමට ගිය පුද්ගලයෙකුට වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment