ප්‍රමුඛ පුවත 1

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වින්දිතයන් වෙනුවෙන් වන්දි

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් මේ දක්වා රුපියල් මිලියන 262ක වන්දි මුදල් පිරිනමා ඇති බවත් මියගිය පුද්ගලයන් 263 දෙනෙකු අතරින් 201 දෙනෙකු සදහා රුපියල් මිලියන 198ක වන්දි මුදල් ලබාදී ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි.

තවද තුවාල ලැබූ පුද්ගලයන් 500 දෙනෙකු අතරින් 438 දෙනෙකු සදහා වන්දි ප්‍රදානය කිරීම සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 64ක් වේ.

මීට අමතරව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත්වූ දේවස්තාන නැවත ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව වෙත අත්තිකාරම් වශයෙන් ලබා දී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාපයේ නායකත්වය සම්බන්ධයෙන් සිරිකොතේදී සාකච්ඡාවක්

Mohamed Dilsad

ඩයිනමයිට් යොදා මසුන් මැරීමට එරෙහිව දැඩි නීති – අමාත්‍ය මහින්ද අමරවීර

Mohamed Dilsad

පාඨලිව බන්ධනාගාරගත කිරීම පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment