ප්‍රමුඛ පුවත 1

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

(උදයම්,කොළඹ)  – අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට ලබන 29දා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව 29 වනදා උදෑසන 09.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.
ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ හා මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
එමෙන්ම කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන ප්‍රදේශයට ද ජල සැපයුම ලබන 29 වනදා පැය 15ක කාලයත් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Related posts

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම නව ක්‍රමවේද 04 කින්

Mohamed Dilsad

තේ ,රබර් වලින් ග්ලයිෆොසෙට් තහනම ඉවතට

Mohamed Dilsad

සරසවි සිසු විරෝධතාවයට පොලිසියෙන් කඳුළු ගෑස්

Mohamed Dilsad

Leave a Comment