ප්‍රමුඛ පුවත 1

ස්පෙක්ට්‍රම් ගුවන් යානය දිවයිනට පැමිණීම ගැන සැකයක්

(UTV| කොළඹ) –  දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් ගුවන් යානය ඊයේ (07) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

දකුණු අප්‍රිකාවේ ලියාපදිංචි කර ඇති අතර spectrem air property ගුවන් සමාගමට අයත් HC – 47 වර්ගයේ ගුවන් යානයක් වන අතර එය අඩි 10,000 ක් පමණ පහතට ගැනීමෙන් පසු , පියා සලන අතරතුරම , පොළව අභ්‍යන්තරයේ මීටර් 800 ක් ගැඹුරට ප්‍රදේශය ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ හැකි වර්ගයේ ගුවන් යානයක් බව වාර්තා වේ.

මෙම ගුවන් යානා සමාගම සතුව තවත් මෙවැනි ගුවන් යානා රාශියක්ම ඇති බව වාර්තාවේ.

විශේෂයෙන්ම ඔවුන් මෙම යානා යොදාගෙන විවිධ රටවලට ගොස් භූ ගර්භ පරීක්ෂාවන් සිදු කරයි

මෙම ගුවන් යානයෙහි කාර්යය මණ්ඩලය ලෙස තිදෙනකු පැමිණ ඇති බවත් ඔවුන් මේ වන විට විවේක ගනිමින් සිටින බවද වාර්තා විය.

මේ අතර ඊයේ (07)  මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පැවසුවේ  භූගත පරීක්ෂණ සිදුකරන සමාගමක් සතු ගුවන් යානාවක් කටුනායක ගුවන්තොටුපොළේ නවතා තබා ඇති බැවින් රටේ ඛනිජ සම්පත් විදෙස් රටවලට විකිණීමේ සූදානමක් ඇත්දැයි සැක මතු වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අයහපත් කාලගුණය හේතුවෙන් ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ඉන්දියානු මහ කොමසාරිස්වරයා දළදා මාලිගාව වැද පුදා ගනී

Mohamed Dilsad

ඡන්ද කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment