ප්‍රමුඛ පුවත 1

මෝදර මහවත්ත ප්‍රදේශයේ භූ ගත ඉන්ධන නළ එලීම අද සිට

(UTV| කොළඹ) – මෝදර මහවත්ත ප්‍රදේශයේ භූ ගත ඉන්ධන නළ එලීමේ කටයුතු අද (04) සිට ක්‍රියාත්මක කෙරෙන බව කනිජ තෙල් සංස්ථාව පවසයි.

ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ.

කොළඹ වරායේ සිට කොළොන්නාව ඉන්ධන ගබඩා පර්යන්තයට ඉන්ධන සපයන නළ පද්ධතියේ මෝදර මහවත්ත ප්‍රදේශයේ භූ ගත ඉන්ධන නළ එලීමේ දී එහි ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධය පළ කළේය.

මේ නිසා මෙම ඉන්ධන නළ එළීමේ අවසාන අධියර ඇණහිට තිබූනි.

ඊට විදුලිබල අමාත්‍යවරයාද මැදිහත් වූ බවට තෙල් වෘත්තීය සමිති චෝදනා කල අතර . ඒ අනුව විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීම අත්හිටුවීමටද ඔවුන් කටයුතු කරනු ලැබුවේය.

ඛණිජ තෙල් සංස්ථා විධායක නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මනු ජයවර්ධන මහතා සඳහන් කළේ ඛණිජ තෙල් බළධාරීන් සමග පැවති සාකච්ඡාවේදී නැවත නළ එළීමට තීරණය වූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයවැය පරතරය සියයට 3.4 දක්වා ඉහළට

Mohamed Dilsad

නව කර්මාන්තශාලා සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය අනිවාර්යයි

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය සමතුන්ගේ පාසල් ලේඛනය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment