ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් සැකසූ චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදී චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ අත් අඩංගුවට ගත් සැකකරුවන්සතුව තිබී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් සැකසීමේ ජාවාරමකට සම්බන්ධ බවට සැකපිට බව පොලිසිය පවසයි.

මෙහිදී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් සැකසීමට යොදාගන්නා යන්ත්‍රයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එහිදී ක්‍රෙඩිට් කාඩ්පත් මුද්‍රණය කිරීමට භාවිත කරන හිස් කාඩ්පත් 5 ක් මෙන්ම ලැප්ටෝප් පරිගණකයක් ද සිය භාරයට ගත් බවයි.

එම භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“පොදු ජන රළ” සම්මන්ත්‍රණ මාලාව හෙට සිට

Mohamed Dilsad

මැලේසියානු ගුවන්යානයක කලහකාරී ලෙස හසිරුනු ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට(වීඩියෝව)

Mohamed Dilsad

ලංකාවේ කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment