ප්‍රමුඛ පුවත 1

කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට හිටපු ඇමති රිෂාඩ් සම්බන්ධ නොමැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තේරීම් කාරක සභාවට කියයි

(UTV| කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරිපත් කළ වාර්තාවක් අද (28) තේරීම් කාරක සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරුණි.

එහි සඳහන් වූයේ කිසිඳු ත්‍රස්ත ක්‍රියාවකට රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධ නොමැති බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සබඳතා ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඊයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රශ්න කළේය.

එහිදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින ප්‍රහාරයට හෝ ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නැති බව රහස් පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වී ඇත.

ප්‍රශ්නය – සතොස වාහන ත්‍රස්තවාදී වැඩවලට භාවිත කළා කියා චෝදනා තිබෙනවා?

පිළිතුර –  පසුගිය ඔක්තෝබර් මාසයේ හදපු ආණ්ඩුට මට එන්න කියා නිතරම කිව්වත් මම නොගියපු නිසා එක මන්ත්‍රීවරයෙක් මට මේ චෝදනාව කළා. තවත් මන්ත්‍රීවරයෙක් මේක කිව්වා.  මම බලං හිටියා මේ බරපතල චෝදනා ගැන ඔවුන් පොලිසියට පැමිණිලි කරයි කියලා. නමුත් කළේ නෑ. මම පොලිසියට ගිහින් එතුමන්ලාට විරුද්ධව පැමිණිලි කළා.

ප්‍රශ්නය – සිද්ධිය වෙන්න කලින් මේ ත්‍රස්වාදී ක්‍රියා ගැන දැනගෙන හිටියද?

‘ඔයාලගේ ආගම ඔයාලට. මගේ ආගම මට ‘ කියලා කුරාණයේ තිබෙනවා. ආගමේ අයම් ප්‍රශ්න ඇති. මම දේශපාලකයෙක්. මම ආගමික ප්‍රශ්නවලට සම්බන්ධ වෙන්නේ නෑ. සහරාන් කියන්නේ මවුලවි නෙමෙයි. ඔහු ආගමික නායකයෙක් නෙමෙයි. ඔහුම විතරයි මවුලවි කියලා හඳුන්වා ගන්නේ. ත්‍රස්තවාදී කල්ලිය ගැන මම දැනගෙන හිටියේ නෑ සිද්ධිය වෙන්න කලින්.

යනුවෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙහිදී පිළිතුරු දුන්නේය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමෘද්ධි නිලධාරීන් විපක්‍ෂ නායකවරයා හමුවෙයි

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැවති අවහිරතාව අවසන්…

Mohamed Dilsad

Leave a Comment