ප්‍රමුඛ පුවත 1

ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස් ගතවීමට ලබාදී තිබූ අවසරය අත්හිටුවයි

(UTV| කොළඹ) – පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස් ගතවීමට ලබාදී තිබූ අවසරය අධිකරණය මගින් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

මීට පෙර ජෙෆ්රි ඇලෝසියස්ට ලබන මස පළවැනිදා සිට 11 වැනිදා දක්වා කාලය තුළ සිංගප්පූරුව බලා යාමට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබුණේ ඔහුගේ දියණියගේ විවාහ මංගල්‍ය උත්සවය වෙනුවෙන්.

නමුත් නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ සැකකරු ඇතුළු තවත් පුද්ගලයින් 10 දෙනෙකුට එරෙහිව ඉදිරි සති දෙක තුළ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකරන බැවින් ඒ සඳහා ඔහු පෙනී සිටිය යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදහස් වෙළඳ ගිවිසුම පදනම් කර ගනිමින් වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment