ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ලෝක බැංකුව විසින් ලබාදෙන විශාලතම ආයෝජනය ශ්‍රී ලංකාවට

(UTV| කොළඹ) – ලෝක බැංකුව විසින් නිදහස් සෞඛ්‍ය සේවාව ක‍්‍රියාත්මක වන රටකට ලබා දී ඇති විශාලතම ආයෝජනය ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල ප‍්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක පිහිටුවීම සඳහා ශ‍්‍රී ලංකාවට ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම පස් අවුරුදු ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ (2019) හා ලබන වසරේදී (2020) රජයේ රෝහල්වල ප‍්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 210 ක් පිහිටුවීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප‍්‍රාන්තවලට වඩා ඉදිරියෙන් සිටින බවත් මේ නිසාම දැනට මෙරට කිසිවකු එච්.අයි.වී /ඒඩ්ස් හා පිළිකා වැනි බෝ නොවන රෝගවලින් මිය නොයන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඩු 6ක්,වායු රයිෆලයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

යහපාලන සංකල්පය පිලිබඳ ජනතාව ආඩම්බර වියයුතුයි [VIDEO]

Mohamed Dilsad

අවම මිලක් යටතේ අමතර විදුලිය මෙගාවොට් 500 ක් ජාතික පද්ධතියට එක් කරනවා – විදුලි බල ඇමති

Mohamed Dilsad

Leave a Comment