ප්‍රමුඛ පුවත 1

තරුණයින් එකොළොස් දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවික හමුදා නිලධාරියා ඇප

(UTV| කොළඹ)  – 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී නාවික හමුදා නිලධාරියා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

දැඩි ඇප කොන්දේසි මත මෙම නාවික හමුදා නිලධාරියා ඇප මත මුදාහැරීමට පිටවර ගැනුණි.

අදාළ සිද්ධියේ 11 වන සැකකරු ලෙස නම් කර  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික නිලධාරී සංජීව ප්‍රභාත් සේනාරත්න මහතා වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු අද ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

එම ඇප ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳී මහතා  අදාළ සැකකරු රුපියල් 150000/- ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර තිබේ.

ඇප තැබීමෙන් අනතුරුව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සැකකරුට තරයේ අවවාද කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් තහනම් කර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටද නියෝගයක් කළේය.

ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින රහස් පොලිසිය හමුවේ වාර්තා කළ යුතු බවටද මහාධිකරණය විසින් තවත් ඇප කොන්දේසියක් සැකකරු වෙත පනවනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තව්හීත් ජමාත් නායක සහරාන් සමඟ ඡායාරූප ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමේ දිනය කල් යයි.

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 20කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment