ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදී ලසන්ත, වසීම් තාජුඩීන් ඇතුලු අපරාධ 04ක විමර්ශන අවසන් කිරීමට නීතිපතිගෙන් නියෝග

(UTV| කොළඹ) – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන ඇතුලු අපරාධ 04 ක් සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කර සම්පූර්ණ විමර්ශන උදෘත යොමු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුලු උසස් පොලිස් නිළධාරීන් තිදෙනෙකුට දැනුම් දී තිබේ.

2006 වසරේදී මුතුර්හිදී රාජ්‍ය නොවන සංවිධානයක සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම සහ 2008 – 2009 වසරවලදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනද කඩිනමින් අවසන් කළ යුතු අපරාධ අතරට ඇතුලත්.

වැඩබලන පොලිස්පතිවරයාට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්‍යක්ෂවරයාට අදාළ ලිපි යොමුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න සදහන් කළාය.

අදාල විමර්ශනවල අනිසි ප්‍රමාදයක් පවතින බැවින් නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බවත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත්වේ [GAZETTE]

Mohamed Dilsad

පේදුරුතුඩුව පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද .ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

Mohamed Dilsad

මධ්‍යම අධිවේගයේ පළමු අදියර මේ වසරේදී විවෘත කෙරේ .

Mohamed Dilsad

Leave a Comment