ප්‍රමුඛ පුවත 1

මංතීරු නීතිය අද සිට දැඩි කෙරේ

(UTV| කොළඹ)  – මංතීරු නීතිය අද (10) සිට දැඩිව ක්‍රියාත්මක කෙරෙන පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මංතීරු නීතියට අනුගතවීම සඳහා සති දෙකක සහන කාලයක් පසුගිය 27 වනදා සිට ලබාදුන් බවයි.

ඒ අනුව අද (10) සිට දිවයින පුරා මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

මේ අතර, රියදුරන් සිදුකරන වැරදි සදහා මෙතෙක් පැවති දඩ මුදල ඉහළ දැමීම සඳහා  මෝටර් වාහන සංශෝධන පනත් කෙටුම්පතට පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත කෙරුණි.

ඒ අනුව රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, දුම්රිය මාර්ගයට අපරීක්ෂාකාරි ලෙස රථ වාහන ඇතුළු කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් පසු රිය ධාවනය, වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය ධාවනය, සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය යන රථ වාහන වැරදි සදහා අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නංවා තිබේ.

තවද බීමතින් රිය පදවා සිදුකරන අනතුරුවලින් සිදුවන මරණයකදී අය කරන දඩය රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක්ලක්ෂ 50,000 දක්වා වැඩි කර ඇති අතර, අවුරුදු දෙකකට නොඅඩු සිරදඬුවම් සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇත.

Related posts

කොරෝනා රෝගීන් 70 දක්වා ඉහළට

Mohamed Dilsad

අද ආරුමුගම් තොණ්ඩමන් සහ සී.වී. විග්නේෂ්වරන් අතර හමුවක්

Mohamed Dilsad

”පුරවැසි අභිමන්” උපහාර තිළිණ ප්‍රදාන උළෙල අද

Mohamed Dilsad

Leave a Comment