ක්‍රීඩා

සත්කාරක එංගලන්තය සහ බංග්ලාදේශය අද තරග බිමට

(UTV | කොළඹ)  – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරගයක් කාඩිෆ්හිදී අද (08) පැවැත්වේ.

මෙවර තරගාවලියේ මේ දක්වා තරග දෙක බැගින් සහභාගි වූ එංගලන්තය සහ බංග්ලාදේශය ඉන් එක් තරගය බැගින් ජය ගනු ලැබීය.

එංගලන්තය මේ වනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ පසු වන්නේ 06 වන ස්ථානයේයි.

බංග්ලාද්ශ කණ්ඩායම එම සටහනේ 08 වන ස්ථානයේ පසුවන අතර , ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ නවසීලන්ත කණ්ඩායමයි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම එම සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එහි තෙවන ස්ථානයට හිමිකම් කියයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (07) පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර ඒ අනුව දෙපිළටම එක් ප‍්‍රසාද ලකුණ බැගින් හිමි වුණා.

තද වර්ෂාවක් නොපැවතුණ ද පැය 05 ක් තිස්සේ අඛණ්ඩව එය පැවතීම නිසා පිටිය තෙතබරිතවීම හේතුවෙන් ඉයන් ගෝල්ඞ් සහ නයිජල් ලෝන් යන විනිසුරුවන් තීරණය කළේ තරඟය ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

Related posts

ලෝක වාර්තා අතර වූ T20 තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාව අළුත් වෙයි

Mohamed Dilsad

අල්-අමාන් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීමේ

Mohamed Dilsad

අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙල වෙනසක්

Mohamed Dilsad

Leave a Comment