ප්‍රමුඛ පුවත 1

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

(UTV| කොළඹ) – සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වි තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඇය 83 වන වියෙහි පසු වුවාය.

කෝපිකඩේ ටෙලිනාට්‍ය ආරම්භයේ සිටම ඊට රංගනයෙන් දායක වූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය එදා මෙදාතුර ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.

ගැහැණු ළමයි චිත්‍රපටය සදහා වාකිෂ්ඨ මහත්මිය කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබීය.

චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ස්වාධීන රූපවාහිනියේ විධායක නිලධාරියෙකු මෙන්ම ප්‍රවීණ නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකු වන ප්‍රාන් වාකිෂ්ඨ මහතාගේ මෑණියන්ද වේ.

ඒ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් විද්වත් සාකච්ඡාවක්.

Mohamed Dilsad

බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ අද සිට අදාළ පැහැය ගැන්විය යුතුයි.

Mohamed Dilsad

පුත්තලම මාර්ගයේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment