ප්‍රමුඛ පුවත 1

ප්‍රතිපත්ති පොලී අනුපාතය ශ්‍රී ලංකා මහබැංකුව විසින් පහත හෙලයි.

ශ්‍රී ලංකා මහබැංකුව සහ වාණිජ බැංකු අතර ගනුදෙනු කෙරෙන ප්‍රතිපත්ති පොලී අනුපාත පදනම් ඒකක 50කින් පහත හෙලීමට මහබැංකු මූල්‍ය මණ්ඩලය ඊයේ (30) තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මහබැංකුව ප්‍රකාශ කර සිටියේ වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශය වෙත ලබාදෙන ණය ප්‍රමාණය පහත වැටීමත් සමඟ මෙම පියවරට එළඹුණු බවයි.

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 7.5ක් වන අතර, ස්ථාවර ණය පහසුකම් අනුපාතය සියයට 8.5ක් වනු ඇත.

තවද ආර්ථික ක්‍රියාකාරකම් සක්‍රීය කිරීම ද මෙලෙස පොලී අනුපාත පහත හෙලීමට තවත් හේතුවක් බව මහබැංකු වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව තානාපතිවරු පස් දෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාරදෙති

Mohamed Dilsad

මංතීරු නීතිය අද සිට දැඩි කෙරේ

Mohamed Dilsad

පළාත් සභා සහ පළාත්පාලන රාජ්‍ය ඇමතිනිය දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment