ප්‍රමුඛ පුවත 1

තඹ කම්හලේ සේවය කළ සැකකරුවන්ට ටී.අයි.ඩීයේ පෙනී සිටිමට නියෝග.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැති සැකකරු ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කර තිබේ.

මීන් පෙර අධිකරණය මඟින් නිකුත් කළ නොතීසියකට අනුව ඇප මත මුදාහැර සිටින සෙසු සැකකරුවන් 08 දෙනාද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ට හෙට (30) දින සිට ජුනි මස 10 වනදා දක්වා ත්‍රස්ත මර්දන කොට්ඨාශය හමුවට ගොස් ප්‍රකාශ ලබා දෙන්නැයි නියෝග කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අනුව හෙට දිනයේ සිට ලබන 6 වනදා දක්වා කාලය තුලදී ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය හමුවට ගොස් ප්‍රකාශ ලබා දෙන ලෙසයි අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ සේවකයන්ට නියම කලේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අබාධිත රණවිරුවන් අඛණ්ඩ සත්‍යග්‍රහයක

Mohamed Dilsad

අගමැති ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක

Mohamed Dilsad

තැපැල් වර්ජනය අඛන්ඩව

Mohamed Dilsad

Leave a Comment