ප්‍රමුඛ පුවත 1

උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නයි වරෙන්තු

(උදයම්,කොළඹ)  – උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්න ලෙස අධිකරණය අද වරෙන්තු නිකුත් කරයි.

ඒ අද පෙරවරුවේ උන්වහන්සේට එරෙහිව පවරා තිබු නඩුවක් කැඳවු අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ විසිනි.

උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩ වසන කොළඹ 05, ඇලන් මැතිණියාරාම විහාරස්ථානය තුළ මහජනතාවට බාධා වන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර  ක්‍රියාත්මක කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් පවරා ඇති නඩුව අද කැඳවා ඇති අතර උන්වහන්සේ අද දින ඊට පෙනී නොසිටීම හේතුවෙන්මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

මිට පෙර අවස්ථා දෙකකදී එම නඩුවට පෙනී සිටින ලෙස උඩුවේ ධම්මාලෝක හිමියන්ට අධිකරණය විසින් සිතාසි යවා තිබේ.

Related posts

වසරේ ගතවූ කාලය තුළ හෙරොයින් කිලෝ 520 ක් අත්අඩංගුවට…

Mohamed Dilsad

රටවල් 13 ක විදේශිකයන් ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය යයි…

Mohamed Dilsad

ආණ්ඩුවේ වැරදි සජිත් මහතාගේ පිටින් ගියා – හරීන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment