ප්‍රමුඛ පුවත 1

කේරල ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV|අනුරාධපුරය) – කේරල ගංජා ප්‍රවාහනය කල මෝටර් රථයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(22) අත්අඩංගුවට ගෙන තිබේ.

මැදවච්චියේ සිට අනුරාධපුරයට මෙම කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඊයේ පස්වරුවේ මන්නාරම පරයානකුලම් ප්‍රදේශයේ සිට පැමිණි මෙම මෝටර් රථයේ තිබී සොයා ගත් කේරළ ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 142යි ග්‍රෑම් 812ක් වන බව පොලීසිය පවසයි.

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මැදවච්චිය පොලිස් මාර්ග බාධකයේදී මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් පොලිස් සේවයෙන් නෙරපා හරින ලද උප පොලිස් පරීක්ෂකවරයෙකු බව වාර්තාවේ.

සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටි 3ක වාලම්පුරුයක් සමඟ චීවරධාරියෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

අරාබියේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

ජොන්ස්ටන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment