ප්‍රමුඛ පුවත 1

ත්‍රිකුණාමලයේ තවත් ඩෙංගු මරණයක්,රෝග මර්ධනයට සහයකයින් 100 දෙනෙකු අද සිට

(උදයම්,ත්‍රිකුණාමලය)  – ඩෙංගු වැළඳීමෙන් ත්‍රිකුණාමලය,පල්ලෙකොට්ටෙයි ප්‍රදේශයේ 29 හැවිරිදි ගැබිණි මාතාවක්ද ඊයේ මිය ගොස් තිබේ.

මේ අතර කින්නියා ප්‍රදේශයේ මදුරු මර්දනය සඳහා තෝරාගත් ඩෙංගු මදුරු මර්දන සහයකයින් 100 දෙනෙකු අද සිට යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන කටයුතු සඳහා බඳවාගත් සහයකයින් 500 දෙනෙකුගෙන් තෝරාගත් පිරිසක් මෙලෙස පුහුණුවෙන් පසු අද දිනයේ කින්නියා ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මේ වනවිට ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related posts

දිවුරුම් දුන් නව අමාත්‍යවරුන්(ඡායාරූප)

Mohamed Dilsad

කතරගම වෙඩි තැබීමට හේතුව හෙළි වෙයි

Mohamed Dilsad

මෙරට තොරතුරු දැනගැනීමේ නීතිය ලෝකයේ තුන්වැනි තැනට

Mohamed Dilsad

Leave a Comment