ප්‍රමුඛ පුවත 1

වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 762 දෙදෙනෙකුට නිදහස

(UTV| කොළඹ) – මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමට නියමිතය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදී වෙසක් පුර පසළොස්වක පෝදා  පැවැත්වෙන රාජ්‍ය මහෝත්සවයේදීය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙසේ සිරකරුවන් සදහා ජනාධිපති පොදු සමාව ලබාදීමට නියමිතය.

සියලුම සිරකරුවන් සදහා නිදහස ලබාදීම වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණය තුළ දී පමණක් සිදු කිරීම මෙවර විශේෂත්වයකි.

සිරකරුවන් 736 දෙනෙකු සහ සිරකාරිනියන් 26 දෙනෙකු පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිතය.

ඒ යටතේ වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 117 ක්, පල්ලේකැලේ එළිමහන් සිරකදවුරෙන් සිරකරුවන් 62 ක්, මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 55 ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් 50 ක්, පල්ලන්සේන සිර කදවුරෙන් සිරකරුවන් 53 දෙනකු වශයෙන් බන්ධනාගාර තිහක සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු යොදා ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

ස්ත්‍රි දූෂණ, බාල අපරාධ හා මත් ද්‍රව්‍ය වැනි වැරදි සදහා දඩුවම් ලබා සිටින සිරකරුවන් හැර අනෙකුත් සුළු වැරදි සම්බන්ධව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් මෙසේ නිදහස් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රෝසි මහත්මිය පුරපතිනිය ලෙස වැඩ භාර ගනී

Mohamed Dilsad

දිවයිනට පැමිණි ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජය නිකුත් කළ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment