ප්‍රමුඛ පුවත 1

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ අමාත්‍ය තිලක් මාරපන අතර හමුවක්.

(UTV| කොළඹ) – ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වී සිටින විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා අතර හමුවක් සිදුවු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඇමෙරිකානු ජාතිකයන් පස්දෙනකු ඇතුළු 250කට වැඩි පිරිසකට මරු කැඳවමින් පාස්කු ඉරිදා (අප්‍රේල් 21) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම හමුවේදි සඳහන් කර තිබේ.

ඒ අනුව ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සටනට ඇමෙරිකාව පූර්ණ සහයෝගය පළ කරන බව හෙතෙම වැඩි දුරටත් පවසා තිබේ.

වගවීම, යුක්තිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇති අලුත් කැපවීමද පසසන බව ද හෙතෙම විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට තවදුරටත් පවසා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා [PRESS RELEASE]

Mohamed Dilsad

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරියක්

Mohamed Dilsad

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ පත්කෙරේ

Mohamed Dilsad

Leave a Comment