ප්‍රමුඛ පුවත 1

පාසල්වල දෙවන වාර විභාගය අවලංගු නොකරන බවට රජයෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – කිසිදු හේතුවක් මත පාසල්වල දෙවන වාර විභාගය අවලංගු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පාසල්වල ඉගැන්වීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන නිසා ගැටලුවකින් තොරව විභාගය පැවැත්විය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම්.එම්. රත්නායක මහතා ප්‍රකාශ කරයි.

සිසුන්ගේ පැමිණීමේ අඩුවක් මේ වන විට ඇතැත් එය ඉදිරි සති 2ක ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බව අපේක්‍ෂා කෙරේ.

සිසුන්ගේ ආරක්ෂාව සඳහා සෑම පාසලකම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී තම දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාර්ලිමේන්තුව විසුරුවන්න සුදානම්.ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

Mohamed Dilsad

කෝටි 500යේ දියමන්තිය පරීක්ෂණ සඳහා පේරාදෙණිය සරසවියට…

Mohamed Dilsad

පහරදීමකින් සිසුවෙකු මිය යෑම හේතුවෙන් ‍බේරුවල විද්‍යාලයක් දින 02ක් වැසේ

Mohamed Dilsad

Leave a Comment