ප්‍රමුඛ පුවත 1

පාසල්වල දෙවන වාර විභාගය අවලංගු නොකරන බවට රජයෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – කිසිදු හේතුවක් මත පාසල්වල දෙවන වාර විභාගය අවලංගු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පාසල්වල ඉගැන්වීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන නිසා ගැටලුවකින් තොරව විභාගය පැවැත්විය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම්.එම්. රත්නායක මහතා ප්‍රකාශ කරයි.

සිසුන්ගේ පැමිණීමේ අඩුවක් මේ වන විට ඇතැත් එය ඉදිරි සති 2ක ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බව අපේක්‍ෂා කෙරේ.

සිසුන්ගේ ආරක්ෂාව සඳහා සෑම පාසලකම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී තම දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

‘සිරිකොත ගමට’ අද සිට

Mohamed Dilsad

මහනුවර දිගන ප්‍රදේශයේ සියළු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

අවුරුද්දට නෑගම් යන්න හෙට සිට විශේෂ දුම්රිය

Mohamed Dilsad

Leave a Comment