ප්‍රමුඛ පුවත 1

සහරාන් සමඟ සමීප සබඳතා තිබු සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් සමඟ සමීප සබඳතා පැවැත්වු බවට සැකකෙරෙන සැකකරුවන් දෙදෙනෙකු කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ වව්නතිව් කඳවුරේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

2018 වසරේදී බෝම්බ නිශ්පාදනය කර ඒවා පරික්ෂා කිරීමට යාමේදී පුපුරා යාම හේතුවෙන් සහරාන් හෂීම් සහ මොහොමඩ් රිල්වාන් තුවාල ලබා ඇති අතර  මෙම සැකකරුවන් විසින් ඔවුන්ට උපකාර කර ඇති බව අනාවරණය වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කරයි.

මොවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා  කාත්තන්කුඩි පොලීසියට බාරදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

වට්ටක්කා තොග මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 50ක්

Mohamed Dilsad

නබිතුමන්ගේ ඡන්ම දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment