ප්‍රමුඛ පුවත 1

ලෝක ආහාර දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ආහාර නිෂ්පාදනය, සුරක්ෂිතතාව සහ ආහාරවල ගුණාත්මකභාවය සහ ප‍්‍රමිතිය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ කි‍්‍රයාකිරීම අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (16) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ලෝක ආහාර දින සැමරුම් උත්සවය අමතමිනි.

සෑම වසරකම ඔක්තෝබර් 16 වැනිදා ලෝක ආහාර දිනය සමරනු ලැබේ. ඒ 1945 වසරේ දී එක්සත් ජාතීන් විසින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම අනුස්මරණය කිරීම සඳහායි.

“අපගේ කි‍්‍රයාවන් අපගේ අනාගතය – 2030 වන විට කුසගින්නෙන් තොර ලොවක්” යන තේමාව යටතේ මෙවර එය සමරනු ලබයි.

මෙම සැමරුම් උත්සවය ඇමතූ ජනාධිපතිතුමා සඳහන් කළේ කෘෂිකාර්මික රටක් ලෙස ආහාර නිෂ්පාදනය පිළිබඳ තිබෙන දීර්ඝකාලීන ඉතිහාසය සමග අප ආහාරවලින් ස්වයංපෝෂිත ජාතියක් බවයි.

එහෙත් මෙරට ආහාර බෝගවලින් 1/3 ක් සතුන් විසින් විනාශ කර දමනු ලැබේ. කාලගුණික සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිව තිබෙන නියං සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් ද ආහාර බෝගවලින් විශාල ප‍්‍රමාණයක් විනාශ වන අතර මෙම ආහාර සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ශ‍්‍රී ලංකාවට ලබාදෙන සුවිශේෂී සහය පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහි දී සිය ස්තූතිය පිරිනැමීය.

ලෝක ආහාර දිනය නිමිත්තෙන් පැවති තරගාවලියේ ජයග‍්‍රහණය කළ පාසල් සිසුන්ට තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් කාසීම්, ලෝක ආහාර සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Brenda  Bradon ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිත Cnia Brandstrup යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැඩබලන පොලිස්පති සහ මැ.කො සාමාජිකයන් අතර සාකච්ඡාවක්.

Mohamed Dilsad

කෘෂි අංශය නවීකරණය කිරීමෙන් ග්‍රාමීය ආර්ථිකය මෙන් ම රටේ ආර්ථිකය ද ශක්තිමත් වන බව අගමැති කියයි

Mohamed Dilsad

මහනුවර සියලුම රජයේ පාසල් දැනුම් දෙනතුරු වැසේ

Mohamed Dilsad

Leave a Comment