ප්‍රමුඛ පුවත 1

තියුණු ආයුධ භාරදීමට ලබාදී තිබු කාලය දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – තමන් සන්තකයේ ඇති කඩු, කිණිසි, උල් පිහි, හමුදා හා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් තිබේ නම් පොලීසියට භාර දීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ.

ඒ අනුව එම කාලය තවත් පැය 48කින් දීර්ඝ කර ඇති බව පොලිසිය දැනුම් දෙයි.

නිවෙස්වල සහ ඇතැම් ස්ථානවල ඇති කඩු, කිණිසි සහ උල්පිහි ආදිය පොලිස් ස්ථාන වෙත භාරදීමට ලබාදී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබිණ.

පොලිස් මූලස්ථානය පැවසුවේ එම කාලය අද මධ්‍යම රාත්‍රී 12 සිට තවත් පැය 48 කින් දීර්ඝ කර ඇති බවයි.

ඒ පිළිබඳව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් – කෘෂි කාර්ම ඇමති

Mohamed Dilsad

දුම්රිය වැඩ වර්ජනයකට සැලසුම්

Mohamed Dilsad

දෝහා කටාර් දක්වා ගුවන් ගමන් සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment