ප්‍රමුඛ පුවත 1

විශේෂ මහාධිකරණයේ පළමු නඩුවේ විත්තිකරුවන්ට නොතිසී

(UTV| කොළඹ) – බරපතල මූල්‍ය අපරාධ සහ වංචා විභාග කෙරෙන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගයට ගැනීමට නියමිත පළමු නඩුවට අදාල විත්තිකරුවන්ට ලබන අගෝස්තු 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇති බව නීතපති දෙපාර්තුමේන්තුව පවසයි.

එදින විවෘත අධිකරණයේදී විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරෙන බවද පැවසේ.

මේ අනුව පසුගිය රජය සමයේ රුපියල් බිලියන 04 ක රජයේ මුදල් අයථා භාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුලු 04 දෙනෙකුට එරෙහිවයි මෙම පළමු නඩුව විභාගයට ගැනෙන බවද පැවසේ.

සම්පත් විජේරත්න,සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස පත් කර සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙවියන්වහන්සේගේ ආදරය කෙරෙහි අප බැඳිය යුතුයි – අගරඳගුරු

Mohamed Dilsad

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග සහයෝගීතා ගිවිසුමක්

Mohamed Dilsad

වෙසක් සතිය නොපැවැත්වීමට රජයෙන් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment